නවතම පුවත්

ඉන්දීය කොවිඩ් ප්‍රභේදයත් ශ්‍රී ලංකාවෙන් හමුවේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ ව්‍යාප්තවන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින්  වාර්තා වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනාවරණය කර සිටී

නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම ඉන්දියාවේ ව්‍යාපත්වන වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයා හඳුනා ගෙන ඇති බවද  වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා මාධ්‍ය වෙත   සඳහන් කර ඇත .

ඊට අමතරව B.1.351 දකුණු අප්‍රිකානු වෛරස් කාණ්ඩය ආසාදනය වූ ආසාදිතයෙකුද මෙරටින් හඳුනා ගෙන ඇත.

නයිජීරියාවේ ව්‍යාප්ත වන B.1.525 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් බණ්ඩාරගම සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ලද වෛරස් සාම්පල්වල සිදුකළ ජානමය අනුක්‍රමණ මගීන් හඳුනා ගෙන ඇත.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් ඩෙන්මාර්කය/ යුරෝපය සහ මැදපෙරදිග ව්‍යාප්තවන B.1.428 වෛර්සා ප්‍රභේදය හඳුනා ගෙන ඇත.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රානත්යෙන් හමුවූ B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් හමුවී ඇති ප්‍රදේශ  කිහිපයක්ම වන අතර ඒවා පහත දැක්වේ

කොළඹ දිස්ත්‍රික්කය : කොළඹ මහ නගර සභා බලප්‍රදේශය, හෝමාගම, බොරලැස්ගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කුලියාපිටිය, නිකවැරටිය, ගනේවත්ත, අඹන්පොළ, ගිරිඋල්ල, පන්නල සහ වාරියපොළ.

කළුතර දිස්ත්‍රික්කය : අගලවත්ත, පිඹුර, පානදුර සහ බණ්ඩාරගම.

මහනුවර දිස්ත්‍රික්කය : පඬුවස්නුවර, මහනුවර සහ හිඟුරක්ගොඩ.

පොළොන්නරුව – මැදිරිගිරිය සහ මන්නාරම නගර සභා සීමාව.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා