මැලේසියාවත් “ලොක්ඩවුන්”

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජුනි මස 07 වැනිදා දක්වා සමස්ත රටම ලොක්ඩවුන් කිරීමට මැලේසියානු රජය තීරණය කර ඇත .

කොරෝනා තෙවැනි රැල්ලට මුහුණදීම සඳහා මෙම පියවර ගත් බව එරට අග්‍රාමාත්‍ය මුහයිඩීන් යසීන් මහතා සඳහන්කර සිටී .

තෙවැනි රැල්ල තුළදී අධික පැතිරීමේ වේගයක් සහිත වෛරස ප්‍රභේද මැලේසියාව තුළද ව්‍යාප්ත වී තිබෙ. මේ නිසා රටම වසා දමා දැඩි පියවර ගැනීමකින් තොරව වසංගතය පාලනය කළ නොහැකි බව එරට බළධාරීන්ගේ අදහස වී තිබෙ.

අන්තර් පළාත්, අන්තර් දිස්ත්‍රික් සංචරණ සීමා පනවා ඇති අතර මහජන ඒකාරාශීවීම්ද තහනම් කර තිබෙ. අධ්‍යාපන ආයතන ඇතුළු ආයතන වසා දැමීමට පියවර ගෙන ඇති නමුත් ආර්ථිකයට අදාල ක්‍රියාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බවයි අගමැතිවරයා පවසන්නේ.

ඊයේ (10) දිනයේදී එරටින් කොවිඩ් ආසාදිතයන් 3807 ක් වාර්තා වී තිබිණි. මේ දක්වා එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 444,484 ක් වන අතර මරණ 1700 ක් සිදුව තිබෙ

කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය ජනවාරියේදී එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළ අතර එම තත්වය තවදුරටත් ක්‍රියාත්මක වේ.