නවතම පුවත්

ලොව වැඩිම  කොවිඩ් එන්නත් කළ සීෂෙල්ස්හි කොරෝනා හදිසියේ වැඩිවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
වෙනත් කිසිදු රටකට වඩා ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයකට කොවිඩ්  එන්නත් කර ඇති සීෂෙල්ස් රාජ්‍යය තුළ කොවිඩ් -19 ආසාදනවල නව වැඩිවීමක් පෙන්නුම් කරන බව එරට වාර්තා පවසයි.
ජනගහනයෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් රජය විසින් එන්නත් කිරීමෙන් පසුව දූපත් වල අලුත් ආසාදන වැඩිවීම කම්පනයක් බව එරට වාර්තා පෙන්වා දෙයි.
දූපත් රාජ්‍යයක් වන සීෂෙල්ස් හි ලක්ෂයක් පමණ වන ඉතා කුඩා සමස්ත   ජනගහනයෙන් 38,000 කට පමණ චීන රජය සතු සමාගමක් විසින් නිෂ්පාදනය කළ සිනොෆාම් එන්නත ලබාදුන් අතර ඉතිරි අයට ඉන්දියාවේ සේරම් ආයතනයේ නිෂ්පාදනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී තිබුණි.
 එහි මුළු ජනගහනයෙන් බහුතරයකට  චීනයේ නිෂ්පාදනය කළ සිනොෆාම් එන්නත ලබාදුන් පසුව ඔවුන් අතර ද කොවිඩ් ආසාදනය වීම නිසා දැන් දැන් එම එන්නතේ ඵලදායීතාවය පිළිබඳ ප්‍රශ්න මතු වී ඇත.
එරට Covid-19 රෝග ලක්‍ෂණ ආසාදිතයින් දෛනිකව රෝගීන් 300 කට වඩා වැඩි වී ඇත. සමස්ත  එකතුව 8,172 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 නව ප්‍රවණතාව හමුවේ සීෂෙල්ස් හි දෛනික කොවිඩ් අනුපාතය ඉන්දියාවේ පැතිරීමට වඩා අනුපාතිකව වැඩිය.
මේ තත්ත්වය මත රට අගුලු දැමීමේ පියවර නැවත ක්‍රියාත්මක කිරීමට රජයට සිදුවී ඇත.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි