“කොස්ගොඩ තාරක” පොලිස් වෙඩි පහරින් මරුට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාතාල කල්ලි නායක ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් ‘කොස්ගොඩ තාරක’ පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත .
, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිධාරින් අද අලුයම සැකකරු විශේෂ මෙහෙයුමක් සඳහා මීරිගම රේන්දපොල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසුවේය

එහිදී ඇතිවු සිද්ධියකදී පොලීසිය වෙඩි තැබීමක් සිදු කර ඇති අතර කොස්ගොඩ තාරක තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරිමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ද තුවාල ලබා ප්‍රථිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.