නවතම පුවත්

ශ්‍රී ලාංකිකයින් මිලියනයකට කොරෝනා එන්නත ලබාදී අවසන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට  මිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇත

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වලට අනුව මේ වන විට පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව දස ලක්ෂ අනූදහස් පන්සිය විසි එකකි . ඉන් අනූ දෙදහස් නවසිය විසිහත් දෙනෙකුම එන්නත් කර ඇත්තේ ඊයේ දිනය තුලය.

මේ වනවිට දෙවන මාත්‍රාව ද ලබා දී සම්පූර්ණ එන්නතම ලබා දී ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ තිස්තුන්දහස් නවසිය අනූ දෙකක්.වේ.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත, සයිනෝෆාම් සහ ස්පුට්නික් ෆයිව් යන එන්නත් ලබාදීම සිදුකර තිබේ .

මෙරටට ලැබුණු ස්පුට්නික් ෆයිව් එන්නත් මාත්‍රා සියල්ල මේ වන විට එන්නත් කර අවසන් බවද  කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා