පැතුම් වික්‍රමරත්න
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 19 සහ 20 යන දෙදිනේදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත
මෙයට අමතරව පාර්ලිමේන්තුව ලබන සතියේ දින තුනක් රැස්වීමටද එම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර ඇත .
මේ අනුව පාර්ලිමේන්තුව ලබන 18, 19 සහ 20 යන දිනවලදී රැස් වනු ඇත.
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් කල් දමන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම රැස්වීමේදී ඉල්ලීමක් කර ඇති අතර ආණ්ඩුවේ පක්ෂ නායකයන් එම ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කර ඇත.