මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය අදට යෙදී තිබේ.
මුස්ලිම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරනු ඇත්තේ, මාසයක උපවාසයකින් අනතුරුව ය.
දිනපතා හිරු උදාවට පෙර පළමු ආහාර වේල අනුභව කරන බැතිමතුන් යළි හිරු බැස යන තුරුම කිසිදු ආහාරයක් නොගෙන එම ශීලය ආරක්ෂා කරයි.
මෙය ආගමික සහ ශාරීරික ශික්ෂණය ඇති කරන විශේෂිත කාලයක් ලෙස ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරනු ලබයි.
රාමසාන් කාලය තුළ පසඳුරන් පිනවන සියලුම ක්‍රියා වලින් මිදී සිටීමත් , ආගමික කටයුතු සඳහා වැඩි නැඹුරුවක් දැක්වීමටත් ඉස්ලාම් බැතිමතුන් කටයුතු කරයි.
ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථය වන කුරානය, ආගමික ඉගෙන්වීම් සිදු කිරීම වෙනුවෙන් නබිතුමාට පුදකරණු ලැබූ මාසයවීම හේතු කොට ගෙන මෙය ශුද්ධ වූ මාසයක් ලෙසින් සලකනු ලබයි.
එම පුද කිරීම රාමසාන් මාසයේ අග සිදුවූ බවට සැලකෙන අතර එදින රාත්‍රිය ලෙයිලතුල් කදර් ලෙස හඳුන්වනු ලැබේ.
උපවාස මාසයේ අවසානය සමරමින් රාමසාන් උත්සවය පැවැත්වේ.
මේ අතර රාමසාන් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් පණිවුඩ නිකුත් කර තිබේ.