කොරෝනා පාලනය අතපසු කල බ්‍රසීල ජනපතිට අපරාධ චෝදනා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ  රජය කොරෝනා  වසංගත පාලනය වැරදි සහගත ලෙස හසුරුවා ඇත් ද පිළිබඳ සෙවීමට මේ වනවිට එරට සෙනෙට් මණ්ඩලයක් විසින් විමර්ශනයක් ද ආරම්භ කරනු ලැබ ඇත.

මෙම විමර්ශනයේදී  හිටපු සෞඛ්‍ය අමාතයවරයා ද සාක්ෂි දීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත .

ඒ අනුව මේවනවිට  බ්‍රසීලයේ ජීවිත රැක ගැනීමට නොහැකි වීම හමුවේ ජනාධිපතිවරයාට අපරාධ චෝදනා එල්ල වන වටපිටාවක් නිර්මාණය වෙමින් පවතීන බවද මාධ්‍ය වාර්තා කර ඇත .

එරට සිවිල් සංවිධාන කිහිපයක්ම මේ අනුව රජයට ජනපතිවරයාට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමටද සූදානම් වෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය අද වාර්තා කර ඇත .

, බ්‍රසීලයට කොරෝනා එන්නත් අලෙවි කිරීමට පසුගිය වසරේ සිට ෆයිසර් සමාගම දැරූ උත්සාහයට බ්‍රසීල බලධාරීන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ බවට එම සමාගම ප්‍රකාශ කිරීමත් සමග එරට ජනතාව තුල රජයට එරෙහි දැඩි විරෝධයක් මතුවෙමින් ඇති බවද වාර්තාවේ .

ෆයිසර් සමාගමේ ලතින් අමෙරිකානු රටවල් සඳහා වන ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසා ඇත්තේ , පසුගිය වසරේ අගෝස්තු සහ නොවැම්බර් දක්වා නැවතත් බ්‍රසීලයට එන්නත අලෙවි කිරීමට උත්සාහ දැරුව ද බ්‍රසීල ආණ්ඩුවෙන් ඊට නිසි ප්‍රතිචාරයක් හිමි නොවූ බවය.

ෆයිසර් ප්‍රධාන විධායක නිලධාරී කාලෝස් වැඩිදුරටත් පවසා ඇත්තේ, සිය ආයතනය බ්‍රසීලයට එන්නත් අලෙවි කිරීමට කැමැත්තෙන් පසුවන බවට සඳහන් කරමින් පසුගිය සැප්තැම්බර් 12 වැනිදා ෆයිසර් ආයතනය බ්‍රසීල ජනාධිපතිවරයාට, ඔහුගේ කැබිනට් මණ්ඩලයට සහ එවක සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිපි යොමු කළ නමුත් මාස දෙකක් යනතුරු කිසිවෙකුගෙන් ඊට පිළිතුරු නෙලැබුණු බවය.