එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊයේ දින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් වෙත රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දුරකතන ඇමතුම් ගෙන ඇත .
උත්සන්න වෙමින් ඇති ගැටුම්කාරී තත්වය අවසන් කරන ලෙස ඔහු එහිදී නායකයින් දෙදෙනාගෙන්ම ඉල්ලා ඇති බව වාර්තාවේ
. උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාව ද දෙපාර්ශවයෙන්ම ඉල්ලීම් කර ඇත.
පසුගිය සඳුදා සිට මේ දක්වා ගාසා තීරයේ හටගත් ගැටුම් හේතුවෙන් පුද්ගයන් 148 දෙනෙකුවත් මරණයට පත්ව ඇති අතර ඊශ්‍රායලයේ මරණයට පත් සංඛ්‍යාව 10 කි.
ගාසා හි මරණයට පත් වූවන් අතර සටන්කරුවන් ගණනාවක් සිටින බව ඊශ්‍රායලය පවසද්දී පලස්තීන සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ මරණයට පත් වූවන්ගෙන් අඩක් පමණ කාන්තාවන් සහ දරුවන් බවය.
දෙපාර්ශයව අතර ගැටුම් හටගත්තේ මුස්ලිම් සහ යුදෙව් දෙපාර්ශවයේම ශුද්ධ භූමියක් වන නැගෙනහිර ජෙරුසලමේ ස්ථානයක ඊශ්‍රායල පොලිසිය හා පලස්තීන උද්ඝෝෂකයින් අතර මතුවූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් අනතුරුව සති කිහිපයක් පුරා පැවති උණුසුම් තත්ත්වයකින් අනතුරුවය.
එම ශුද්ධ භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායලය වෙත අනතුරු ඇඟවීමෙන් පසු හමාස් සටන්කරුවන් රොකට් ප්‍රහාර ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර දියත් කළේය.