ඇස්ටර්සෙනිකා කොවිශීල්ඩ් එන්නත් මාත්‍රාවන් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය , රටවල් කීපයක් සමග කල සාකච්ජා මේ වනවිට සාර්ථක මට්ටමකට පැමිණ ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී .
ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුලත ඇස්ටර්සෙනෙකා එන්නතෙන් යම් මාත්‍රා ප්‍රමාණයක් හෝ මෙරටට ගෙන්වාගැනීමටද යම් හැකියාවක් උදාවී ඇති බව දැනගන්නට ඇත .
එසේ වුවහොත් අස්ට්‍රසේනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයින්ට ප්‍රමාදයකින් තොරව එහි දෙවන මාත්‍රාවද ලබාගැනීමට අවස්තාවක් උදාවනු ඇත .
ඔස්ට්‍රේලියාව , ජපානය මෙන්ම අප්‍රිකානු රටවල් කිහිපයක්ද සමග ශ්‍රී ලංකා රජය මේ වනවිට මේ සම්භන්ධව සාකච්ජා ආරම්භ කර ඇත