ශ්‍රී ලංකාවේ කොවිඩ් අධි අවදානම් කළාප හඳුනාගන්න – මෙන්න අලුත්ම සිතියම !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අනුව මේ වනවිට හඳුනාගෙන ඇති අධි අවදානම් කලාප සහිත සිතියම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිකුත් කර ඇත . එම සිතියමට අනුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ අතිශය බහුතරයක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

මෙම සිතියම සකස් කිරීමේදී මැයි 08 වැනිදායින් අවසන් වූ දින 14 තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය සලකා බලා තිබේ.

  • මෙහි කහ පාටින් දැක්වෙන්නේ පසුගිය දින 14 තුල කිසිදු ආසාධිතයෙකු හමු නොවූ ප්‍රදේශයි .
  • කොළ පාටින් දැක්වෙන්නේ අඩු අවදානමක් ඇති ප්‍රදේශයි
  • රතු පාටින් දැක්වෙන්නේ අධි අවදානම් ප්‍රදේශයි