කොවිඩ් රෝගීන් සඳහා පවතින ඇඳන් හිඟය පියවීමේ අරමුණින් යුතුව දියත් කළ “දින 10කින් ඇඳන් 10,000ක්” ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමකිරීමට හැකියාව ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් මේ රටේ තරුණ පරපුරට ස්තූතිවන්ත වන බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී .
මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙසේද පැවසීය
“අපි දින 10කින් තමයි ඇඳන් 10,000 හදන්න කටයුතු කළේ. අපට දැනට ලැබිලා තියෙන ඇඳන් ප්‍රමාණය බලනකොට එය 10,000 ඉක්මවා ගිය ප්‍රමාණයක් බවට පත්වෙලා තියෙනවා. ඉතිං ඒ හින්දා අද අපි තීන්දු කරන්නෙ අපට වැඩිපුර ලැබෙන ඇඳන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යතාවයක් තියෙනවා නම් ප්‍රදේශයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට ලබාදෙන්න අපට පුළුවන්. ඒවගේම අපි විශේෂ ස්තූතියක් කරන්න ඕනෙ මේ රටේ තරුණ පරම්පරාවට. ඒවගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලසීමාව තුළත් මේ තරුණයින්ගෙ මේ උද්යෝගය සහ සහභාගීත්වය තුළින් මේ වැඩසටහන සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට”