වරාය නගර පනතේ ඇතැම් කොටස් ව්‍යවස්ථාවට පටහැණියි- ශ්‍රේෂ්ඨාධිකරණය

port-city-colombo
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගර ආර්ථික කොමිශන් සභා පනත් කෙටුම්පතේ එන  ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත .

. ඒ, අනුව එහි ඇති   වගන්ති කිහිපයක්  සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය  බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

කෙසේ වෙතත් එම වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සදහන් පරිදි සංශෝධනය කරන්නේ නම් අදාල වගන්ති වල පවතින අනනුකූලතාවයන් ඉවත්ව යන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිශන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව කිහිපයක් ගොණු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කතානායක මහන්ද යාපා අබේවර්ධන මහතා මේ බව කියා අනාවරණය කර ඇත .