කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දු සහ සංශෝධන සම්බන්ධයෙන් රජය එකඟ වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී .
ඒ අනුව එම සංශෝධනයන් කඩිනමින් සිදුකිරීමටද රජය පියවර ගන්නා බව ඒ මහතා පැවසීය
අදාළ සංශෝධනයන්ගෙන් පසුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සරළ බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු පැවසීය.