නවතම පුවත්

ජනතාවට කොවිඩ් සහන දෙන්න ගිය වසරට බිලියන 96ක් – මේ වසරට බි. 170ක්

අසංක

අසංක

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් 2021 වසරේදී රජය රුපියල් බිලියන 170ක් වෙන් කොට තිබේ.

2021 වසර තුළ මෙම මුදලින් රු. බිලියන 41.9ක් වැය කර ඇති අතර තවත් රු. බිලියන 138 සෘජුවම වෙන් කර ඇති බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2020 වසරේදී ඒ සඳහා රුපියල් බිලියන 96 කට ආසන්න මුදලක් වියදම්කොට ඇත.

මෙහිදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මෙසේ ද අදහස් දැක්වීය.

‘’අපි කොපමණ මුදලක් මේ කොවිඩ් තත්වය කළමනාකරණය කරන්න වැය කරාද කියලා කියන්න රජයක් හැටියට අපිට යුතුකමක් තියෙනවා. 2020 මැයි අප්‍රේල් මාසවල අපි රු. 5000 දුන්නා. අපි සෘජුවම වැය කොට ඇති මුදල රු. මිලියන 56, 593ක්.

නිරෝධායන කටයුතු, සෞඛ්‍ය යටිතල පහසුකම්, ඖෂධ සහ සැපයුම් සේවා වෙනුවෙන් රු. මිලියන 29, 045ක්. ඔක්තෝබර් නොවැම්බර් COVID නැවත ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, මඩකලපුව සහ රත්නපුර දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික්ක ලේකම් මගින් ලබා දුන් සහන ප්‍රමාණයට රු. මිලියන 7073යි.

නිවාස වල නිරෝධායන කරපු පවුල් සදහා රු. 10,000 බදු මල්ලක් ලබා දීමෙන් මිලියන. 2846යි. COVID හේතුවෙන් අඩුවූ රාජ්‍ය ආයතනවලට සහය ලබා දීමට මිලියන 311යි. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සලසන ලද පහසුකම් සදහා මිලියන 102යි. ගොවි නිෂ්පාදන මිලදී ගැනීම සදහා මිලියන 88යි.

‘ණය ගෙවීම් ප්‍රමාද කරලා තියෙනවා ඒ පහසුකම සලසලා තියෙනවා. වෙන කිසිම රජයක් මේ පහසුකම දීලා නෑ. ඒ ඔක්කොම කරලත් රටේ මුල්‍ය ස්ථායීභාවය රැකගෙන තියෙනවා. අපි සෞභාග්‍යා ලෝන් එකක් ලබා දුන්නා. එක 53,252 කට ලබා දීලා තියෙනවා 4% කට. ඒකට කෝටු 16,560 වෙන් කරලා තියෙනවා. මේ කරන දේවල් රට දැන ගන්නට අවශ්‍යයි’’. යයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි