විදෙස් ශ්‍රමිකයින්ට රක්‍ෂණ ක්‍රමයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා යෝග්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාව ලබාදී ඇත

ශ්‍රී ලංකික විගමනික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම විදෙස් ශ්‍රමික රක්ෂණය හරහා ආවරණයක් සලසා ඇත.

එමගින් මරණයකදී රුපියල් 600,000ක හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමේදී රුපියල් 400,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවනු ලබයි.

නමුත් විගමනික ශ්‍රමිකයින්ට වැඩ බිම්වලදී සිදුවන නොයෙකුත් කාර්මික සහා ගෘහස්ත අනතුරු, විවිධ රෝගාබාධ මෙන්ම හාම්පුතුන්ගෙන් සිදුවන පීඩාවන් සහ හිරිහැර හේතුවෙන් ඇතිවන මානසික සහ සෞඛ්‍ය ගැටලු සඳහා කිසිදු ආවරණයක් එමගින් නොලැබෙන බව කම්කරු අමාත්‍යංශය පවසයි.

එම කරුණු ද ආවරණය වන පරිදි කම්කරු අමාත්‍යවරයා විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කර තිබේ.