නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි – සරත් වීරසේකර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බවට ඇමෙරිකාවේ FBI ආයතනය පවා තහවුරු කර ඇති බවත් එම ප්‍රහාරයට සම්බන්ධව එක් විදේශීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (19දා) පාර්ලිමේන්තුවට පැවැසීය.

ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තවත් මාලදිවයින් ජාතිකයන් 4ක් පිළිබඳවද පරීක්ෂණ පවත්වන බවයි.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළ උදෘත සම්බන්ධයෙන් නීතිපතිවරයා පෙන්වා දුන් අඩුපාඩු මේ වන විට ඉක්මනින් නිවරදි කිරීමට කටයුතු කරමින් පවතින බවද ඔහු පැවැසීය.

මෙම ප්‍රහාරයට අදාළව මේ වන විට පුද්ගලයන් 32කට එරෙහිව නඩු පවරා ඇති බවත් නඩු පැවරීම ප්‍රමාද වන්නේ මෙවැනි ප්‍රහාරවල විමර්ශන ඉතාමත් සියුම්ව සිදුකළ යුතු නිසා බවත් ඔහු පැවැසීය.

වත්මන් රජය කිසිය ආකාරයකට අන්තවාදයට හා ත්‍රස්තවාදයට හිස ඔසවීමට ඉඩ නොදෙන බවත් පාස්කු ප්‍රහාරය වඩා දරුණු ප්‍රහාරයක් එම ප්‍රහාරයෙන් අනතුරුව තවමත් සිදුව නොමැති බවත් ඔහු පැවැසීය.

පොලිස් පරීක්ෂණ අනුවත් ඇමෙරිකානු විමර්ශන අනුවත් පාස්කු ප්‍රහායේ මහ මොළකරු නවුෆර් මවුලවි බවට හඳුනාගෙන ඇති බවත් ඔහු පැවැසුවේය.

අයි.එස්. මතවාදය ලංකාවේ ව්‍යාප්ත කිරීම, අයි.එස්. පුහුණුව ලබාදීම, නුවරඑළිය හා හම්බන්තොට පාසල් අධීක්ෂණය කිරීම නවුෆර් මවුලවි විසින් සිදුකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් නීතිපති දප්පුලද ලිවේරා මහතා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි නොවන බවත් ප්‍රහාරයට අදාළව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවත්ය.

එසේම එම ප්‍රහාරය පසුපස සිටි විදේශීය ජාතිකයන් තවමත් හඳුනාගෙන නොමැති බවත් නීතිපතිවරයා සිරස නාළිකාව හා සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා