ධීවර ප්‍රජාවට වැදගත් පණිවිඩයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශය මැයි 23 වන දින අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මැයි 21 වන දින සිට නැවත දැනුම්දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ද අවවාද කරයි.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත ගෙන්වා ගත යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.