මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා බලධාරීන් තීරණය කර ඇත
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවේ ලබන 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා ඒ අනුව මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා අත්හිටුවීමට තීරණය කර ඇති බවය.
පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව සඳහන් වේ.
කෙසේවෙතත් මෙරටින් පිටව යන මගී ගුවන් යානා සඳහා මෙම තහනම අදාළ නොවේ ..