ගාසා තීරයේ ගැටුම් තාවකාලිකව නවතී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දින 11 ක් පුරා පැවැති ගැටුම් තාවකාලිකව අත්හිටුවමින් ගාසා තීරය තුළ සටන් විරාමයක් ආරම්භ වී ඇත . ඊශ්‍රායලය හා හමාස් සංවිධානය යන දෙපාර්ශවයේම එකගතාව අනුව මෙම සටන් විරාමය ආරම්භ කර ඇත .

. මෙම සටන්විරාමයේ මැදිහත්කරුවා ලෙස ඊජිප්තුව පෙරමුණ ගෙන කටයුතු කරන අතර  ඒ අනුව ඊජිප්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඉතා ඉක්මනින් ඊශ්‍රායලයට හා ගාසා තීරයට පැමිණීමට නියමිතව ඇත. මෙහිදී  අමෙරිකාව කටයුතු කරන්නේ සහය පාර්ශවයක් ලෙසය.

අද අලුයම 02 ට පමණ සටන් විරාමය ආරම්භ වූ අතර ඒ සමග දින 11 ක් පුරා අඛණ්ඩව දෙපාර්ශවය විසින් එල්ල කර ගැනුණු ගුවන් ප්‍රහාර මේවනවිට තාවකාලිකව නතර වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී .

. සටන්විරාමය ආරම්භ වීමත් සමග වීථිවලට එක්වූ පලස්තීන වැසියන් එය මහත් උද්යෝගයෙන් යුතුව සමරනු ලැබුහ.