මුළු දිවයිනටම අද (21) රාත්‍රී 11 සිට ලබන 25 වනදා උදෑසන 4 වනතුරු සංචරණ සීමා පැනවේ.
අද (21) පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවැසුවේ සංචරණ සීමා කාලය තුළ රාජකාරි කිරීමට පොලිස් නිලධාරීන් 22,000ක් යොදවා ඇති බවයි.
රටේ මතුවු කොවිඩ් වසංගතයේ වැඩිවීම හමුවේ සංචරණ සීමා කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව හෙතෙම අවධාරණය කළේය.
කෙසේවෙතත් අදාළ කාලසීමාව තුලදී ඔසුසැල් විවෘතව තැබීමට අවසර හිමිවේ.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ පිසින ලද ආහාර ද්‍රව්‍ය වෙළඳාමේ නිරතවීම ජංගම රථ ඔස්සේ සිදුකල හැකි ය.
එලෙස අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
යම් අයෙක් ජංගම සේවාවක් ලෙස ආහාර ද්‍රව්‍ය හෝ ඖෂධ හෝ මොනයම් අත්‍යාවශ්‍ය සේවාවක් පවත්වාගෙන යන්නේ නම් පමණක් අදාළ ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කළ යුතු ය.
අද රාත්‍රියේ සිට මැයි 28 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා බලපැවැත්වෙන ආකාරය පහතින් දක්වා ඇත.