නවතම පුවත්

ගෙදර ඉදන් සමරන වෙසක් සිරියට බතික් වෙසක් කූඩු

අසංක

අසංක

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර නිවෙස්වල සිට වෙසක් මංගල්‍යය සැමරීමට සිදුව තිබේ.

එහෙත් වෙසක් සැරසිලි නව්‍ය හා දේශීය මුහුණුවරකට හඳුන්වාදෙමින් බතික් වෙසක් කූඩුවක් නිර්මාණය කිරීමට අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකට අනුව පියවර ගෙන ඇත.

එම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මෙම නව වැඩසටහන් මාලාව සංකේතවත් කරමින් ජාතික මෝස්තර මධ්‍යස්ථානය නිමවා ඇති පළමු “බතික් වෙසක් කූඩුව” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම පසු ගිය (21) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට මෙම බතික් වෙසක් කූඩුව පිළිගැන්නුවේය.

නිවෙස්වල සිට වෙසක් සමරන බැතිමතුන් සඳහා රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය තුළින් වෙසක් නිර්මාණයන්හි දෘශ්‍ය පෙළහර විඳීමට ඉඩ සැළැස්වීම බතික් වෙසක් දෘශ්‍ය පූජාවේ අරමුණ වී තිබේ.

දේශීය අමුද්‍රව්‍ය හා සංස්කෘතික සම්ප්‍රදායන් ඉහළට ඔසවමින් බතික් මෝස්තර සඳහා නව ප්‍රවණතාවක් බිහි කිරීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

නිවෙස්වල සිට වෙසක් මංගල්‍යය සමරන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් කළ මෙම නිර්මාණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිවරයා ද එක්ව සිටියහ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි