කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ මේ හේතුවෙන් පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි.
නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වනු ඇත.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
දිවයින හරහා සුළගේ වේගය විටින්විට පැ. කි.මී. 40ත් 50ත් දක්වා වැඩිවිය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50ත් 55ත් දක්වා වැඩි විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.