සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා කොළඹ නගරය ආශ්‍රිතව අද (24) දිනයේදීත් ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන මෙහෙයුම් සිදුකිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ කොළඹ නගරයේ මහල් නිවාස හා වතු ආශ්‍රිතව ඊයේ (23) සිදුකළ මෙහෙයුමේදී පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
තවත් 27 දෙනකුට දැඩි ලෙස අවවාද කර තිබේ.