නවතම පුවත්

සියලුම සෞඛ්‍ය සේවකයන්ට එන්නත් නැත්නම් කොවිඩ් රාජකාරිවලින් ඉවතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ග්‍රාමීය මට්ටමින්‍ කොවිඩ් මර්දන රාජකාරිවල නිරතව සිටින සියලුම  සෞඛ්‍ය සේවකයන්ට,  කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය බළධාරීන් ක්‍රමවත් වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරන්නේ නම් ‍අද (25) පෙරවරුවේ සිට කොවිඩ් මර්දන රාජකාරිවලින් ඉවත්වන බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී .

හෙට පෙරවරුවේදී මෙම වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා පරිපූරක වෛද්‍ය සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ‍ වෘත්තීය සමිති 18 ක් එකඟ වී සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ සභාපති  උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත

සියලු සෞඛ්‍ය සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එන්නත් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටින නමුත් මේ දක්වා බළධාරීන් ඊට නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවද උපුල් රෝහණ මහතා පෙන්වා දෙ

කොරෝනා මර්ධන එන්නත වෛද්‍වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රධාන කොට ලබාදීම සිදුවෙමින් පවතින බවට  පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයද චෝදනා කර ඇත

එහි සභාපති රවී කුමුදේශ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පෙන්වා දී ඇත

කොරෝනා එන්නත් ලබා දීමේ අවදානම් කාණ්ඩ ප‍්‍රමුඛතාවය අනුව වෛද්‍යවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට පෙර එන්නත ලබාගත යුතු සෞඛ්‍ය කාර්යමණ්ඩල පිරිස් සිටින බවද ඔහු එමඟින් පෙන්වා දී ඇත .

කිසියම් වෘත්තියකට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් වරප්‍රසාදයක් සේ එන්නත භාවිතා කළහොත් නැවත ඒ මොහොතේ සිට සියලුම සෞඛ්‍ය කාර්යය සමග එක්ව සේවාවෙන් ඉවත් වීමේ ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බව ද රවි කුමුදේශ් මහතා සදහන් කර ඇත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි