කොවිඩ් එන්නත් ව්‍යාපාරයෙන්, වසරක් ඇතුලත, අලුතින් බිලියනපතියන් දස දෙනෙකු බිහිවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත් නිෂ්පාදනය කරන ආයතන හා සම්භන්ධ ව්‍යාපාරිකයින් දස දෙනෙකුට ආසන්න පිරිසක් , පසුගිය වසර ඇතුලත, අලුතින්ම   බිලියනපතියන් බවට පත්ව ඇති බව  ජාත්‍යන්තර Truth Out. වෙබ් අඩවිය  අනාවරණය කර ඇත .

මෙම අලුත් බිලියනපතියන් සතු වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 20 කට ආසන්න බවද මෙහිදී හෙළිදරව්වී වී ඇත .

මෙම මුදල් ප්‍රමාණය , ලෝකයේ සියලුම දිළිඳු රටවල්වල ජනතාවට කෝවිඩ් එන්නත ලබාදීමට ප්‍රමාණවත් බවද මෙම වෙබ් අඩවිය  සඳහන් කර ඇත .

කොවිද් එන්නත්  කර්මාන්තය හා වෙළඳාම තුල පවතින ඒකාධිකාරී බලය පිළිබඳව මේ හරහා පැහැදිලිවම අනාවරණය වන බවද Truth Out වෙබ් අඩවිය සඳහන් කර ඇත .