කොවිඩ් නිසා බිලියනිපතියන් වූ අයගේ ආදායමෙන් දිළිදු රටවල් ඔක්කොටම එන්නත් දෙන්න පුළුවන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත් නිෂ්පාදනය කරන ආයතන හා සම්භන්ධ ව්‍යාපාරිකයින් දස දෙනෙකුට ආසන්න පිරිසක් , පසුගිය වසර ඇතුලත, අලුතින්ම   බිලියනපතියන් බවට පත්ව ඇති බව  ජාත්‍යන්තර Truth Out. වෙබ් අඩවිය  අනාවරණය කර ඇත .

මෙම අලුත් බිලියනපතියන් සතු වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 20 කට ආසන්න බවද මෙහිදී හෙළිදරව් වී ඇත .

මෙම මුදල් ප්‍රමාණය , ලෝකයේ සියලුම දිළිඳු රටවල්වල ජනතාවට කෝවිඩ් එන්නත ලබාදීමට ප්‍රමාණවත් බවද මෙම වෙබ් අඩවිය  සඳහන් කර ඇත .

කොවිඩ් එන්නත්  කර්මාන්තය හා වෙළඳාම තුල පවතින ඒකාධිකාරී බලය පිළිබඳව මේ හරහා පැහැදිලිවම අනාවරණය වන බවද Truth Out වෙබ් අඩවිය සඳහන් කර ඇත .