දම්පත් රණසිංහ
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊයේ උදෑසන ද යළි පිපිරීමක් සිදුවූ ඇතිවූ ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ වෛභව් නෞකාව සහ අයි.සී.ජී. ඩෝනියර් ගුවන් යානය සහ වෝටර් ලිලී බෝට්ටුව ඊයේ (25) මෙරටට පිටත් කර එවා තිබේ.
එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනකු තුවාල ලබා තිබූ අතර සියල්ලෝ ඉවත් කර තිබුණි.
මේ වන විටත් ගිනි ගැනීමට සහ පිපිරීම්වලට ලක්වෙමින් ඇති නෞකාවේ පාලක මැදිරිය දක්වා ගින්න ව්‍යාප්ත වී ඇතැයි නිරීක්ෂණය වී ඇත.
පිපිරීම් සමග නෞකාවේ තිබුණු රසායනික ද්‍රව්‍ය පිරවූ බහලුම් කිහිපයක් මුහුදට වැටී ඇති බව සදහන්ය. එම බහලුම් වෙරළට ගොඩ ගැසීමක් හෝ වෙරළ ආසන්නයේ පාවෙමින් තිබේ නම් ඒ අසලට නොයන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදුපුර මහත්මිය සදහන් කළාය.
ගිනි ගනිමින් ඇති නෞකාව ටොන් 40000 ක් පමණ බරැති බවත් එහි ඇති රසායනික ද්‍රව්‍ය අතර පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමු ද්‍රව්‍යද ඇති බවද සදහන් වේ.