ලංකාවට එන්න එපා – අමෙරිකාව සංචාරකයන්ට කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට පවතින දැඩි කොරෝනා වසංගත තත්වය හේතුවෙන්  ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ඇමෙරිකාව එරට ජනතාවට දැනුම් දී ඇත

ඒක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මීට අදාළ නිවේදනය  ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

පැතිරී යන කොවිඩ් 19 වසංගත රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ජපානය සිව්වන මට්ටමේ ගමනාගමන උපදේශනයට ඒනම් “සංචාරය ‌නොකරන්න” යන උපදේශනයට යටත් වන බව ඒක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර මෙරට ඒක්සත් ජනපද තානාපති කාර්යාල වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ ඒක්සත් ජනපද පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා අවසර හිමිනොවන බවයි. ඒසේම මගී නෞකා සහ පුද්ගලික යාත්‍රාවලින් පැමිණෙන මගීන් හට ශ්‍රී ලංකාවට ගොඩබැසීමට අවසර නොමැති බව ද ඒහි වැඩිදුරටත් සඳහන් වේ.