මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට පනවා තිබූ සීමා ජුනි 01 සිට ඉවත්කෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සදහා පනවා තිබූ සීමා ලබන ජුනි මස පළමුවනදා සිට ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත.

රට තුල පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා මැයි 21 වනදා සිට 31 වනදා දක්වා ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය මීට පෙර  පියවර ගෙන තිබිණ

ලබන මස පළමුවනදා සිට එම සීමා ඉවත් කළද ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානයක එකවර පැමිණිය හැකි ගුවන් මගීන් ගණන 75 කට සීමා කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීම තව දුරටත් අත්හිටුවා ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළේ.