චීනයේ “සිනොෆාම්” (Sinopharm ) කොවිඩ් එන්නතේ තෙවන මට්ටමේ සායනික පර්යේෂණයේ සම්පූර්ණ දත්ත වාර්තා මේ වනවිට එලි දක්වා ඇත.
.එම දත්තවලට අනුව , කොවිඩ් ආසාධනය වීම හේතුවෙන් බරපතල තත්වයේ රෝගාබාධ ඇතිවීම , සිනොෆාම් එන්නත මගින් සම්පූර්ණයෙන්ම වලක්වන බව තහවුරු වී ඇත .
එසේම එම එන්නත , කොවිඩ් වෛරසයට එරෙහිව 72.8 % – 78.1 % අතර ප්‍රමාණයක සඵලතාවයක්ද (efficacy) දක්වන බව මෙම දත්ත හරහා හෙළිවී ඇත . එනම් එම එන්නත මගින් කොවිඩ් රෝග ලක්ෂණ මතුවීමද 72.8% ත් 78.1% අතර ප්‍රමාණයකින් වලක්වනු ලැබේ .
මෙම දත්ත වාර්තා ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ නිළ සඟරාව වන “ජමා’ (JAMA) හි ප්‍රකාශයට පත්කර ඇත .
චීන සිනොෆාම් එන්නත මෙම සඵලත්වයන් පෙන්නුම්කරන්නේ , එම එන්නතෙන් මාත්‍රා දෙකක් දෙකක් ලබාගෙන සති දෙකක් ගතවූ විට වන බවත් මෙහි දැක්වේ .
ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ ප්‍රකාශිත මෙම කරුණු පිළිබඳව මෙරට චීන තනාපති කාර්යාලයද අද දින ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇති අතර එය පහත දැක්වේ ,