ජල බිලටත් සහනයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ආසාධිතයින් සිටින පවුල්වලට මෙන්ම කොරෝනා රෝගීන්ට ආශ්‍රිතවී නිරෝධායනයවන පිරිස්වලට ජල බිල්පත ප්‍රමාද වී ගෙවීම සඳහා සහනයක් සලසා දීමට රජය තීරණය කර ඇත.

දැනටමත් මීට අදාළ උපදෙස් ජලසම්පාදන මණ්ඩලය වෙත ලබාදී ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත පැවසීය

ජල බිල්පත ගෙවීම සඳහා සහනයක් සලසා දෙන ලෙස ලැබුණු විවිධ ඉල්ලීම් සලකා මෙම තීරණය ගත් බවද ඒ මහතා පැවසෙය

සෙසු ජල පාරිභෝගිකයන්ට යම් සහනයක් ලබාදීම කෙරෙහිද ඉදිරියේදී අවධානය යොමු කරන බව හෙතෙම පැවසීය .