IPL ඉතිරි තරග ඩුබායි හිදි පැවැත්වේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2021 IPL තරඟාවලියේ ඉතිරි තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.

එම තරඟ සැප්තැම්බර් සහ ඔක්තේබර් මාසවල අතර පැවැත්වේ.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පසුගිය අප්‍රේල් මස 09 වනදා ඉන්දියාවේදී ආරම්භ වූ අතර ක්‍රීඩකයින් හා කාර්යය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමත් සමඟ මේ මස 04 වනදා සිට තරඟාවලිය තාවකාලිකව අත්හිටුවිමට පියවර ගැනුණි.

ඒ වන විට තරගාවලියේ තරග 29ක් පවත්වා තිබුණි.