හෙද හෙදියෝ හෙට ලෙඩ වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හෙට (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව  සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එයට හේතුව ලෙස ඔවුන් දක්වා සිටින්නේ කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් මේ වන තෙක් ලබා නොදීම හේතුවෙන් තමන් මේ තීරණය ගත් බවයි

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් එම තීරණයට පැමිණි බවය.

ඒ අනුව හෙට උදෑසන සිට අනිද්දා (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.