විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සිය ඉල්ලීම් සඳහා නිසි  පිළිතුරු ලබානොදීම හේතුවෙන් වැඩවර්ජනයක නිරතව සිටි රජයේ  විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන බවට බලධාරින් පොරොන්දු වීම හේතුවෙන් සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.