චීනය, තම සයිනොෆාම් එන්නන, වෙනත් රටවලට අලෙවි කරන මිලට වඩා වැඩි මිලකට ශ්‍රී ලංකාව වෙත ලබාදී ඇති බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එරට තානාපති කාර්යාලය තහවුරු කර ඇත .
ඒ අනුව සයිනොෆාම් එන්නතේ එක් මාත්‍රාවක් සදහා අමෙරිකානු ඩොලර් 5 ක් වැඩියෙන් රජය ගෙවන බවට, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා නගන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .
රජය ක්‍රියාත්මක කර ඇති එන්නත් වැඩපිලිවෙල පිලිබඳ විපක්‍ෂයේ ඇති ඊර්ෂ්‍යාව හා කුහකකම මෙවැනි ප්‍රකාශ වලින් පහද්ලිවන බවද ඒ මහතා පැවසීය .
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .
” විපක්ෂය නගන චෝදනා ගැන මම චීන තානාපති කාර්යාලයෙන්ද විමසා බැලුව . විපක්ෂයේ චෝදනා සම්පූණයෙන්ම අසත්‍ය බවත් , ශ්‍රී ලංකාවට ලබාදෙන මිලට වඩා අඩු මිලකට තම රට වෙනත් කිසිදු රටකට එන්නත් අලෙවි කර නැති බවත් චීන බලධාරීන් තහවුරු කළා . ඒ පිළිබඳව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැහැදිලිවම කරුණු දක්වා තිබෙනවා . ඇත්තෙන්ම චීනය මෙම සයිනොෆාම් එන්නත අපට ලබාදෙන්නේ , එය චීනය තුල අලෙවිකරණ මිලටත් වඩා අඩු මිලකටයි .”