සයිනොෆාම් හි පළමුු මාත්‍රාව ලබා ගත් සියලුදෙනාට සීනෝෆාම් හි දෙවන මාත්‍රාව එන්නත ජුනි 8 වනදා සිට ලබාදීම ආරම්භ කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
දෙවන මාත්‍රාව ලබාගන්නා පුද්ගලයන්ට පළමු මාත්‍රාව ගත් ස්ථානවලදීම ප්‍රකාශයට පත්කෙරෙන දිනයන්හිදී එන්නත ලබාගත හැක
ඊයේ පෙරවරු 10 වනවිට සයිනෝෆාම් එන්නත මෙරට 601508 දෙනකුට ලබාදී ඇත. ඊයේ දිනය තුළ පමණක් යාපනයේ 50,000කට සයිනොෆාම් එන්නත ලබාදී තිබුණි.
සයිනොෆාම් එන්නත හදිසි භාවිතය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදීමට පෙර මෙරට චීන ජාතිිකයයන් 2435 දෙනකුට මාත්‍රා දෙකම ලබාදී ඇත.
ලාංකිකයන්ට සයිනොෆාම් එන්නත ලබාදීම ආරම්භ කෙරුණේ එම අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි.