රනිල් පාර්ලිමේන්තුවට

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව යළිි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ පසුගිය මහ මැතිවරණයේ දී හිමිකරගත් එකම ජාතික ලැයිස්තු අසුන සඳහා ය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

කිසිදු එජාප සාමාජිකයකු පත්නොකිරීම හේතුවෙන් මෙතෙක් කලක් එම මන්ත්‍රී අසුන හිස්ව පැවතුනිි.