ඉන්දීය වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFWJ) හිටපු උප සභාපතිවරයෙකු මෙන්ම එරට අතිශය ජනප්‍රිය හා සුප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකු වූ බසන්ට් දාස් මහතා කොවිඩ් රෝගයෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් ඊයේ ( 29) දින පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත
ඉන්දීය උත්කාල් ජනමාධ්‍යවේදී එකමුතුවේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇති දාස් මහතා ඉන්දීයාවේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්ද කැපී පෙනෙන සේවාවක් ඉටුකළ අයෙකි .
ඉන්දීය වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ අභිවෘද්ධිය වෙනුවෙන්ද විශාල වැඩ කොටසක් ඉටුකර ඇති දාස් මහතා , එම සම්මේලනයේ සභාපති කේ වික්‍රම් රාවෝ මහතා සමග එක්ව ජාතික කවුන්සිල සැසිවාරයන් කිහිපයක්ම සංවිධානය කර ඇත .
මියයන විට 81 වෙනි වියේ පසුවූ ඒ මහතා ඉන්දියාවේ ඔරිස්සා හි ගුවාහටි ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඔහු කල්කටාවේ අම්රිතා බසාරා පත්‍රිකා පුවත්පතේ මෙන්ම ජුගන්තර් සමූහ ව්‍යපාරයේද ප්‍රධානියා ලෙස කටයුතු කළේය .