පැතුම් වික්‍රමරත්න
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයන් පත්කර ඇත .
ඒ අනුව කොමිසමේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පත්කර තිබේ , එසේම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා, ප්‍රියත් බන්දු වික්‍රම මහතා, රොහාන් ද සිල්වා මහතා, කුෂාන් කොඩිතුවක්කු මහතා, සාලිය වික්‍රමසූරිය මහතා, ජෙරාඩ් ඔන්ඩච්චි මහතා පත්කර ඇත .
මෙම කොමිසම සඳහා විදෙස් ජාතිකයන් පත් කිරීමට පනතෙන් ප්‍රතිපාදන සපයා ඇති නමුත් විදෙස් ජාතිකයන් කිසිවෙකුත් මේ දක්වා පත්කර නොමැති වීම විශේෂත්වයකි .