ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව මාස 6ක් කොරෝනාවට එරෙහිව වැඩ – WHO

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ඇස්ට්‍රසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව මාස 6ක කාලයක් සඳහා කොවිඩ් – 19 වෛරසයට එරෙහිව මිනිස් සිරුර තුළ ක්‍රියාකාරී වන  බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර සිටී .

එම සංවිධානය  නිකුත්කර ඇති  නවතම  ක්ෂණික සටහනක මේ බව සඳහන් වේ .

මීට පෙර එම සංවිධානය නිර්දේශ කර තිබුණේ, ඇස්ට්‍රසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පළමු මාත්‍රාවෙන් පසු සති 8ක් හෝ සති 12ක කාලයකට පසුව ලබ දිය යුතු බවටය. කෙසේ වෙතත් එම කාලය ඉක්ම ගිය ද යළිත් සම්පූර්ණ එන්නත්කරණය කිරීමක් අවශ්‍ය නොවන බව අදාළ තාක්ෂණික වාර්තාවේ වැඩිදුටත් සඳහන් වේ.