ඔක්සිජන් සැපයුම් මත යැපෙන කොරෝනා රෝගීන් ගණන 330 ඉක්මවයි ! නිවෙස්වල සිටින ආසාධිතයින් ගණන 8000 ඉක්මවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වයිරස ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී තවමත්  නිවෙස්වලට කොටුවී සිටින බව  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනාවරණය කර සිටී

එසේම කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයට පත්ව ,බාහිර ඔක්සිජන් සැපයුම් මත යැපෙන රෝගීන් 330ක් ඊයේ ( 31) වන  විට රෝහල්ගතව සිටි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළිකර සිටී .

ඔක්සිජන් මත යැපෙන රෝගීන් මේ වනවිට ඉතාමත් වේගයෙන් ඉහල යන බවත් පසුගිය දින හතර අතුලත එම රෝගීන්ගේ සංඛ්‍යාව 100 කින් පමණ ඉහල ගොස් ඇති බවත් එම සංගමය සඳහන් කර සිටී

මේ අනුව ඉදිරි දින කීපයේදී සෞඛ්‍ය කෂ්‍රෙත්‍රය දැඩි අර්බුදයකට ලක්වී කොරෝනා රෝගීන් ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවා සිටී .