උමංග බණ්ඩාර
මෙරට තුළ සිදුවු සමස්ත කෙරෝනා මරණ ගණන 1527 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ දිනය තුළ කොවිඩ් රෝගීන් 42 ක් මියගිය බවට තහවුරු වීමත් සමගය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඉන් 7 දෙනකු නිවෙස් තුළ සිටියදී මියගොස් ඇති බවයි.
ඊයේ (01) දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,845ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 189,209ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,631ක් සුවය ලබා පිටව යෑමත් සමග සුවය ලැබු සමස්තය 156,371ක් ලෙස වාර්තා විය.