අලුත් කොවිඩ් ප්‍රභේදවලට අලුතින් නම් – WHO

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරස් ප්‍රභේද නාමකරණය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත .

විවිධ රටවල නම්වලින් කොරෝනා ප්‍රභේද හඳුන්වා දීම පිළිබඳව එම රටවලින් එල්ලවුණු විරෝධතාවය සළකා බලා  ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම පියවර ගෙන ඇත .

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති කොරෝනා වෛරස් ප්‍රභේද සංඛ්‍යාව 24 කි.

එහිදී බ්‍රිතාන්‍ය ප්‍රභේදය නම් කර ඇත්තේ, ඇල්ෆා ලෙසය , එසේම ඉන්දීයාවෙන් හඳුනා ගැනුණු ප්‍රභේදය, ඩෙල්ටා ලෙස නම් කර තිබේ. දකුණු අප්‍රිකානු ප්‍රභේදය මින් ඉදිරියට හඳුන්වා දී ඇත්තේ  බීටා ලෙසය ..

බ්‍රසීල කොරෝනා ප්‍රභේදය  ගැමා ලෙස නම්කර ඇත .