ජුනි 07 වැනිදා දක්වා පනවා ඇති සංචරණ සීමා ඉදිරියටත් ක්‍රියාත්මක වියහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනුමාන කර සිටී .
එලෙස සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මහජනතා බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටී
සංචරණ සීමා ක්‍රියාත්මකව තිබියදී ඇතැම් පුද්ගලයන් අපරික්ෂාකාරී ලෙස සහ අවිධිමත් ලෙස කටයුතු කරන බවත් , සෞඛ්‍ය උපදෙස්, මාර්ගෝපදේශ නොසලකා කටයුතු කරන බවත් ඔහු චෝදනා කර සිටී
. විශේෂයෙන් ඇතැම් පෞද්ගලික ආයතන, ව්‍යාපාරිකයන් ජීවිත ආරක්ෂාවට වඩා ලාභ ඉපැයීමට මුල්තැන දෙමින් කටයුතු කරන බැවින් සංචරණ සීමා පැනවීමේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට අපොහොසත් වී ඇති බවද උපුල් රෝහණ මහතා සඳහන් කර සිටී .
දින 14 ක කාලයක් රට වසා තබා වෛරසය පාලනය කිරීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය සම්පූර්ණ සාර්ථක වී නොමැති බවත්, ඒ අනුව සංචරණ සීමා ඉවත් කිරීම තවදුරටත් කල් දැමීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙ..