දිවයිනටම පැනවූ සංචරණ සීමාව ජුනි 14 දක්වා දිගු වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයිනටම පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින දක්වා දීර්ඝ කිරීිමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එදින අලුයම 4 දක්වා සංචාරණ සීමා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මීට පෙර තීරණය වී තිබුණේ ජුනි 7 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීමට ය.

රටටම සංචරණ සීිමා පැනවුණේ පසුගිය 24 වැනිදායි.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ සංචරණ නීති රීති ජූුනි 14 දක්වා තවදුරටත් බලාත්මක ය.

මෙරට කොවිඩ් තුන්වැනි රැල්ල ඇරඹීමෙන් පසු රට පුරා දින 21ක් අඛණ්ඩව සංචරණ සීමා ක්‍රියාත්මක වෙයි.