ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එම එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට ” ස්පුට්නික් ලයිට් “හෝ “ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ” එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර සිටී .
එම එන්නත් වර්ග දෙකම එක මාත්‍රාව බැගින් ලබා දෙන කාණ්ඩයේ ඒවා බවත් ඇස්ට්‍රාසෙනිකා එක් මාත්‍රාවක් ගත් අයට මෙම එන්නත්වලින් මාත්‍රාවක් ලබා දීමෙන් නරක බලපෑමක් ඇති නොවන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටී ..
මේ එන්නත් දෙකේ මුල් මාත්‍රාවෙන්ම ප්‍රතිශක්තිය ඇති වනු ඇතැයිද ඔහු සඳහන් කර සිටී .
මේ අතර මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මිලදී ගැනීම සඳහා අදාළ සමාගම් සමග ගිවිසුම් ගත වීමේ මුල් අදියරට පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මාධ්‍ය වෙත පැවසීය .ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ලබන ජුලි මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාව පවසයි.