ඇමෙරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 6 ක් වටිනා ආධාර

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ඇතුළු රටවල් කිහිපයකට ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපද රජය පියවර ගෙන ඇත

ශ්‍රී ලංකාව, මාලදිවයින සහ පාකිස්තානය යන රටවල් සඳහා මෙම හදිසි වෛද්‍ය සැපයුම් තොගය ලබාදීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරට සෞඛ්‍ය අංශ සඳහා අවශ්‍ය පුද්ගලික ආරක්ෂක ඇදුම් කට්ටල 880,000ක් , ඊට අමතරව හෘද ස්පන්දනය මැනීම සඳහා වන ඔක්සිමීටර 1,200 ක් ද මෙම හදිසි වෛද්‍ය සැපයුම් අතර වන බවද රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සදහන් වේ.

විශේෂ ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාවට ඇතුළ එම රටවලට එවා ඇති එම වෛද්‍ය ආධාරවල වටිනාමකම ඇමෙරිකා ඩොලර් මිලියන 6ක් පමණ වේ.

මීට අමතරව ඉදිරි සති කිහිපය තුළ දකුණු ආසියානු රටවලට තවත් සෞඛ්‍ය ආධාර තොගයක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු ඒජන්සිය හරහා ලබාදීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.