නවතම පුවත්

යාපනයේ ඉන්දීය කොන්සියුලර් කාර්යාලය ගැන,සමාජ මාධ්‍ය පුවත බොරුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සුලර් කාර්යාලයේ නාම පුවරුවේ සිංහල භාෂාව ඉවත් කොට ඒ වෙනුවට  පසුගීය සතියේ සිට  හින්දි භාෂාව යොදා ඇති බවට සමජා මාධ්‍ය හා වෙබ් අඩවි කිහිපයකම පළවූ පුවත අසත්‍යයක් බව ජාත්‍යන්තර  ෆැක්ට් ක්‍රසෙන්ඩො (fact crescendo) ආයතනය තහවුරු කර සිටී

fact crescendo යනු සමාජ මාධ්‍ය හරහා පලවන විවිධ පුවත් හා තොරතුරු වල නිරවද්‍යතාවය පිලිබඳ සොයාබලන ජාත්‍යන්තර ආයතනයකි .

එම ආයතනයේ වෙබ් අඩවිය පලකල වාර්තාවකට අනුව යාපනයේ  ඉන්දීය කන්සියුලර් කාර්යාලයේ නාම පුවරුවේ  ආරම්භයේ සිටම එනම් වසර ගණනාවක සිටම  තිබී  ඇත්තේ හින්දි, ඉංග්‍රීසී සහ දෙමළ භාෂාවන් පමණකි .

බව 2015 ලබා ගත් Google Street View ඡායාරුප වලද ඊට පසුව පැවැත්වූ උත්සවයන්හි ජයාරූප හරහා ද එය තහවුරු වී ඇති බව fact crescendo ආයතනය සඳහන් කර ඇත .

ඒ අනුව  පසුගිය සතියේ එම  නාම පුවරුවේ කිසිදු වෙනසක් සිදුකර තිබුනේ නැති බව ඉන්දියාවේ නිල මූලාශ්‍ර හරහා ද තහවුරු වී ඇති බව fact crescendo පවසයි

මෙම නාමපුවරුවේ කිසිඳු වෙනසක් සිදුවී නොමැති අතර සිංහල භාෂාවෙන් මීට පෙර සිටම එහි සඳහන්ව නොතිබුණු බව ඒ අනුව තහවුරු වන බවද එම ආයතනය සඳහන් කර ඇත .

එසේම ශ්‍රී ලංකාවේ පවතින වෙනත් කලාපීය රටවල් කිහිපයකයට අයත් මහ කොමසාරිස් කාර්යාල වල නාමපුවරුවලද සිංහල භාෂාව භාවිතා කර නොමැති බව එම ආයතනය පෙන්වාදේ.

 

FACT CHECK: යාපනයේ ඉන්දීය කොන්සුලර් කාර්යාලයේ නාම පුවරුවේ සිංහල භෂාව ඉවත් කළා ද?

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්