කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා ජූනි මස 21 දින දක්වා දීර්ඝ කරන ලෙස සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ .
එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කර සිටී .
කොරෝනා රෝගීන් 3000ක් ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත් ,එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා ඉදිරි සති දෙක තුලද ක්‍රියාත්මක විය යුතු බව ,සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.
සංචරණ සීමා හෙට (07)දිනයේ ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද එය ලබන සදුදා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළේය.
.